Friday, July 3, 2009
පාත ඉඳන් අපි ආවේ
පාත ඉඳන් අපි ආවේ
නා මල් පූජා කරන්න
දළදා හාමුදුරුවනේ
පාත මාලයට වඩින්න
හීල් හෙවණෙ හිඳගෙන බෑ
හේන් කුඹුරු වැඩ කරන්න
ඇඟ පත කළු වුණත් අපේ
කිළි කුණු නැති හිත බලන්න
දළදා හාමුදුරුවනේ
පාත මාලයට වඩින්න
මූදු ගියා ලෙලි තැළුවා
පිළි ගඳින් බෑ මිදෙන්න
ඒත් අපේ මල් සුවඳයි
එපා බාර නොගෙන ඉන්න
දළදා හාමුදුරුවනේ
පාත මාලයට වඩින්න
වික්ටර් රත්නායක
රත්න ශ්‍රී විජේසිංහ
වික්ටර් රත්නායක
Subscribe to:
Post Comments (Atom)

1 අදහස්:
මේකත් නිතර නෑසෙන එත් හරිම ලස්සන සින්දුවක් . . . වැඩකරන ජනතාවගේ දාඩිය . . දුක් . . කදුලු හ මුසුවුනු ශ්‍රද්ධාව ගැන ලියවුනු අපූරු ගීතයක් . . . වික්ටර් රත්නායක මහතා ඔඋගේ සංගීත නිර්මානාත්මක හැකියාවයි . . ගායන කුසලතාවයි නියමෙට පෙන්නනුම් කරලා තිබෙනවා මේ ගීතයෙන්. . . !
Post a Comment