Friday, July 3, 2009
සඳ ද වසා හිරු ද වසා
සඳ ද වසා හිරු ද වසා තරු ද පිස දමා
ඇමද අහස සයුරු දියෙන් ඇඟිළි තුඩු තෙමා
ලියමි අකුරු සතරක් එහි මගේ සුරතින්
ඔබ ආ කල කියවමි එය බල බලා නෙතින්
ආදරේ..... ආදරේ.....
ගඟ සමුදුර තුරුලිය ගොමු කඳු ඉම හමුවේ
අග හිඟයක් නැති විලසින් අතු දළු නැමුවේ
මග පියවර සළකුණු දිග පෙර මග හමුවේ
දුටුවා සිරි වැසි දියරෙන් මිහිකත තෙමුවේ
ලය සරැලිව පවනට මුදු ගී රස මුමුණයි
රැය සඳ වත තරු මුතු කැට ගෙල වට අමුණයි
ඔබ පිළිබඳ මගෙ මතකය හෙමිහිට පිපුණයි
මී මැසි තුඩ තුඩ ගා ඒ රස මට දැනුනයි
නිර්මලා රණතුංග
ප්‍රේමකීර්ති ද අල්විස්
විජේරත්න රණතුංග
Subscribe to:
Post Comments (Atom)

0 අදහස්:
Post a Comment